ලෝකයේ තල්මසුන් නැරඹීමට ඇති හොඳම ස්ථානයක් ලෙස මිරිස්ස මුහුදු තීරය අවිවාදයෙන්ම පිළිගැනේ. විශේෂයෙන්ම ලොව විශාලතම සත්වයා වන නිල් තල්මසා (Blue Whale) සහ අනෙකුත් තල්මසුන් සමග ඩොල්ෆින් දැකගැනීමට ලැබීම ජීවිතයට අමතක නොවන අත්දැකීමකි. ඔබත් මිරිස්සේ සංචාරයකට සූදානම් නම්, ඒ ගමන වඩාත් සාර්ථක කරගන්න මේ දේවල් ගැන සැලකිලිමත් වන්න.

1. සුදුසුම කාලය තෝරාගන්න (Best Season)
මිරිස්සේ තල්මසුන් නැරඹීම සඳහා හොඳම කාලය වන්නේ නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලයයි. මේ කාලය තුළ මුහුද සාමාන්‍යයෙන් නිශ්චල වන අතර තල්මසුන් දැකගැනීමේ සම්භාවිතාව ඉතා ඉහළයි. මැයි සිට ඔක්තෝබර් දක්වා මුහුද රළු විය හැකි බැවින් සංචාරය කිරීමට පෙර කාලගුණය ගැන විමසන්න.
2. වේලාසනින් සූදානම් වන්න
බොහෝ තල්මසුන් නැරඹීමේ යාත්‍රා මිරිස්ස වරායෙන් පිටත් වන්නේ උදෑසන 6:30 – 7:00 අතර කාලයේදීයි. ඒ නිසා ඔබ රැඳී සිටින හෝටලයෙන් කලින් පිටත්වී අවම වශයෙන් විනාඩි 15කට පෙරවත් වරායට පැමිණීමට වගබලා ගන්න.
3. මුහුදු රෝගය (Sea Sickness) ගැන සැලකිලිමත් වන්න
යාත්‍රාව ගැඹුරු මුහුදට යන විට ඇතිවන රළ පහර නිසා බොහෝ දෙනෙකුට වමනය හෝ කරකැවිල්ල (Sea Sickness) ඇතිවිය හැක.
- ගමන ආරම්භ කිරීමට පැයකට පමණ පෙර ඒ සඳහා ඇති පෙත්තක් (Avomine වැනි) ලබාගැනීම ඉතා සුදුසුයි.
- ගමනට පෙර අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකී සිටින්න.
- පෙර දින රාත්‍රියේ මත්පැන් භාවිත නොකර සිටීම පසු දිනයේ යාත්‍රා ගමනට පහසුවක්
4. හිරු එළියෙන් ආරක්ෂා වන්න
පැය 3ක් හෝ 5ක් පමණ අව්රශ්මිය වැදීමට සිදුවන නිසා:
- හොඳ Sunscreen එකක් පාවිච්චි කරන්න.
- තොප්පියක් සහ අව් කණ්ණාඩි (Sunglasses) රැගෙන එන්න.
5. කැමරාව සහ උපකරණ
තල්මසුන් යාත්‍රාවට සමීපයටම එන අවස්ථා මෙන්ම ඈතින් සිටින අවස්ථාද ඇත. ඒ නිසා හොඳ Zoom lens එකක් සහිත කැමරාවක් තිබීම වාසියකි. කැමරා බැටරි හොඳින් charge කර ඇති බව සහ මතක පත (Memory card) හිස්ව ඇති බව සහතික කරගන්න.
6. ඉවසීම ඉතා වැදගත්
මෙය සත්වෝද්‍යානයක් නොව ස්වාභාවික පරිසරයක් බැවින් තල්මසුන් මතුපිටට එනතුරු ඉවසීමෙන් බලා සිටිය යුතුය. ඇතැම් විට තල්මසෙකු දැකීමට පැයකට වඩා වැඩි කාලයක් යාත්‍රා කිරීමට සිදුවිය හැක.
7. වගකීම් සහගත සංචාරකයෙකු වන්න
සතුන්ට සහ සාගර පරිසරයට හානි නොවන ලෙස හැසිරීම අපේ වගකීමකි.
- යාත්‍රාවෙන් මුහුදට ප්ලාස්ටික් හෝ වෙනත් කසළ දැමීමෙන් වළකින්න.
- සතුන්ට අනවශ්‍ය ලෙස ශබ්ද කර බාධා නොකරන්න.
- රජයේ ලියාපදිංචි, ආරක්ෂිත උපකරණ (Life jackets) සහිත සහ සතුන්ට බාධා නොවන ලෙස නීතිගරුකව යාත්‍රා පදවන ආයතනයක් තෝරාගන්න.
ඔබත් තවමත් Booking එකක් දාගත්තේ නැද්ද? අදම අපේ වෙබ් අඩවිය හරහා (www.whalewatchingmirissa.com) ඔබේ සංචාරය වෙන්කරවා ගන්න. විශ්වාසවන්ත සහ සුහදශීලී සේවාවක් සමඟින් නිල් මහ සයුරේ අසිරිය විඳගන්න අප හා එක්වන්න!




Most of the days Blue Whales are spotted just 5-10 nautical Miles away from the shore.only 2-3 blue whales are spotted in one spot,although they are living as group. actually they are living as a pod but with the size of blue whales and size of ocean it’s impossible observe within short time.once we are witnessed more than fifty blue whales just half an hour away from shore.